brand logo

කොරෝනා යැයි සැක චීන ජාතිකයෙකු කරාපිටිය රෝහලට

16 February 2020

මාතර සිට හම්බන්තොට දක්වා ඉදිවන අධිවේගී මාර්ගයේ සේවය කරන චීන ජාතිකයෙකු කොරෝනා බවට සැකකරන රෝගයක් වැළදීම හේතුවෙන් පෙරේදා(14) කරාපිටිය රෝහලේ අංක 36 විශේෂ වාට්ටුවට ඇතුලත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. මෙම චීන ජාතිකයා සූරියවැව නවදගස්වැව වැඩබිමේ සේවය කරමින් සිටියදි උණ රෝගය වැළඳීම නිසා මෙසේ කරාපිටිය රෝහලේ 36 වාට්ටුවට ඇතුලත් කර ඇත. මොහු ඇතුළත් කර ඇත්තේ කොරෝනා වෛරසය වැළඳුන රෝගින් සඳහා වෙන් කරන ලද විශේෂ වාට්ටුව වන අතර චින ජාතිකයාගේ තත්වය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමෙන් පසු අයි.ඩි.එච්.උණ රෝහල වෙත යැවීමට කටයුතු කරන බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.   සරත් කුමාර ලොකුගේ - අක්මීමන
 

More News..