brand logo

කොරෝනා යථාර්ථය මිත්‍යාවෙන් යටකළ නොහැක

03 November 2020

මේ වන විට රට තුළ පවතින කොවිඩ්-19 වෛරසය පාලනය කිරීමට මිත්‍යාව පසුපස නොගොස් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසට බෞද්ධ හිමිවරු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි. බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි පෙන්වා දී ඇත්තේ කොරෝනා වෛරසය මෙල්ල කිරීමට වෙනත් ඇදහිලි වලට නොහැකි බවයි. එමෙන්ම වෛරසය පාලනය කළ හැකි වන්නේ අවශ්‍ය කෙරෙන සෞඛ්‍ය උපාය මාර්ග සහ උපදෙස්වලින් පමණක් බව උන්වහන්සේ පෙන්වා දෙයි. යම් රෝගයක් වැළදෙන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු බව ද ඕමල්පේ සෝභිත හිමියන් සදහන් කරයි. මේ අතර ශ්‍රී වල්පොල රාහුල පදනමේ ගල්කන්දේ ධම්මානන්ද හිමි පවසා ඇත්තේ විවිධ ඇදහිලි පසුපස යෑම පසෙකින් තබා මේ මොහොතේ සිහියෙන් යුතුව කටයුතු කිරීම වැදගත් බවයි. බුදු දහමට අනුව මේ මොහොතේ අවශ්‍ය වන්නේ අවදි සිහියෙන් කටයුතු කිරීම මෙන්ම අපි මේ මොහොතේ මිනිස්සුන්ව උනන්දු කළ යුත්තේ බුදු දහමේ එන වටිනා ඉගැන්වීම් ප්‍රයෝගිකව ක්‍රියාවට නැංවීම බවද උන්වහන්සේ සඳහන් කරයි.
 

More News..