brand logo

කොරෝනා මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස්වෙයි

28 April 2020

කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සදහා තව දුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරීකාර්යසාධන සමාලෝචන කමිටුව අද දිනයේත් (28) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය. මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. මෙහිදී ඇදිරිනීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කවල රෝහල්වලට පැමිණෙන රෝගීන් හට සළසන සුව සේවා සත්කාරක සේවාවන් නිසි අයුරින් සැළසීමටත්, පවතින අවධානම හමුවේ ප්‍රතිකාර සේවාවන් සිදු කරන වෛද්‍යවරුන් ඇතුලු සියලුම රෝහල් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කාර්ය මණ්ඩලය සීමා කොට එම සීමා කරන ලද කාර්ය මණ්ඩලය තුලින් උපරිම සුව සේවා සත්කාරයන් සිදු කිරීමේ ක්‍රමවේදයන් පිළිබදවත්, එම සුව සේවා සත්කාර සිදු කරන රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇගලුම් හා අනෙකුත් උපකරණ ලබාදීම පිළිබදව ද විශේෂ වශයෙන් සාකච්ඡා කෙරුනි. COVID-19 මර්දන වැඩපිළිවෙලේ දී ප්‍රාදේශීය මට්ටමින් විශාල කාර්යභාරයක් ඉටු කරන සෞඛ්‍ය නිලධාරි කාර්යාලවලට අවශ්‍ය අමතර වාහන කඩිනමින් ලබාදීමටත්, දෛනිකව සිදු කරනPCR පරීක්ෂණ ප්‍රමාණය තවත් ඉහළනැංවීමටත්, PCR පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය වෛද්‍ය උපාංග ලබාගැනීම සදහා ආසියානු සංර්ධන බැංකුවේ හා ලෝක බැංකු ව්‍යාපෘතිවලින් මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම පිළිබදවසාකච්ඡා කෙරිනි. කොවිඩ් 19 මර්ධනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද ක්‍රියාකාරි ඒකකයක් ලෙස ක්‍රියාත්මක කිරීමටරාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමාකැදවාසාකච්ජා කොට අවශ්‍ය උපදෙස් ලබාදීමටද එම වැඩපිළිවෙලේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට ද සාකච්ජාකෙරිනි. මෙම අවස්ථාවට විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුනිල් ද අල්විස්, වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, වෛද්‍ය ලාල් පනාපිටිය, වෛද්‍ය පබා පලිහවඩන,අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම්,සබරගමුව පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතායන මහත්ම මහත්මීන්විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලුනිළධාරීන් පිරිසක් සහභාගි විය.
 

More News..