brand logo

කොරෝනා මර්දනය සඳහා සියලු තීරණ විශේෂඥ තීරණ මත

04 April 2020

කොවිඩ්-19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. රට තුළ වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගත් මුල් අවස්ථාවේම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මේ සෞඛ්‍ය ගැටලුව පාලනයෙන් ගිලිහී යා නොදී කළමනාකරණය කිරීමට හැකි වූ බව ප්‍රකාශ කෙරිණ. දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්දන වැඩසටහන වඩාත් විධිමත්ව තත්ත්වය යහපත් වන තුරු ඉදිරියට ගෙන යාමට සාකච්ජාවේදී එකඟත්වය පළ විය. ආසාධිතයන්, ආසාධිතයන් යැයි සැක කෙරන පිරිස සහ ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරීක්ෂණයටලක් කළ යුතු බව ද තීරණය කෙරිණ. ආසාධිතයන් සහ ඔවුන් ඇසුරු කළ අය නිවැරදිව හඳුනාගැනීමට හැකිවී ඇතැයි ආරක්ෂක බලධාරීහූ සඳහන් කළහ. ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග,හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, ආරක්ෂක ලේකම් විශ්‍රාමිකමේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෙසු නිළධාරීහූ සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සාකච්ජාවට එක්ව සිටියහ.
 

More News..