brand logo

කොරෝනා මර්දනයට ඉන්දියාවෙන් දියරයක් සොයා ගනී

17 May 2021

කොරෝනා මර්දනය සඳහා ඉන්දියාවේ පර්යේෂණ ආයතනයක් දියරයක් නිෂ්පාදනය කර තිබේ. මෙම ඖෂධය හඳුන්වන්නේ ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් (2-deoxy-D-glucose) හෝ ටූ ඩී ජී (2-DG)ලෙසය. මෙම ඖෂධය හදිසි භාවිතය සඳහා මේ වන විටත් ඉන්දියානු සෞඛ්‍ය අංශවල අවසරය ලැබී ඇති බව වාර්තා වෙයි. ඉන්දියානු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං විසින් සඳහන් කර තිබුණේ මෙම ඖෂධයෙන් මාත්‍රාවන් දස දහසක් මේ වන විටත් ඉන්දියානු රෝහල් වෙත යවා ඇති බවයි. මෙම ඖෂධ නිෂ්පාදනය කර තිබුණේ ඩීආර්ඩීඕ විද්‍යාගාරය සහ හයිද්‍රාබද්වල පිහිටි ඉන්දියානු ඖෂධ නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන ආචාර්ය රෙඩීස් රසායනාගාර සමඟ එක්වයි. පසුගිය වසරේ මැයි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සිදු කරන ලද දෙවන අදියර අත්හදා බැලීම්වලදී කොවිඩ්-19 රෝගීන් සඳහා මෙම ඖෂධය ආරක්ෂිත බව සොයා ගැනීමට මෙය නිර්මාණය කළ කණ්ඩායමට හැකියාව තිබේ. DRDO'S anti-COVID-19 drug 2-deoxy-D-glucose (2-DG) ග්ලූකෝස් ආකාරයෙන් ඇති මෙම ඖෂධය හට වෛරසයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ හැකියාව ඇති බවට එය නිෂ්පාදනය කළ පර්යේෂකයක් පෙන්වා දෙයි. මේ ඖෂධය ග්ලුකෝස් භාවිත කරන ආකාරයට ජලයේ දිය කර පානය කිරීමට හැකියි.
 

More News..