brand logo

කොරෝනා මරණ 1367 ක් දක්වා ඉහළට - ගෙවුණු පැය 24 තුල මරණ 242 ක්

13 February 2020

නව කොරෝනා හෙවත් කොවිඩි 19 වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1367 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. වෛරසය හේතුවෙන් එක් දිනක වාර්තා වු වැඩිම මරණ සංඛ්‍යාව ගත වු පැය 24 තුල වාර්තා වුණා. ඒ පුද්ගල මරණ 242 ක් ලෙසයි. නව කොරෝනා වෛරසය ආසාදියන් සංඛ්‍යාව 60000 කට ආසන්න බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා ඇති සංඛ්‍යාව 6000 කට ආසන්නවනවා. ඉන් වැඩිම පිරිසක් සුවය ලබා ඇත්තේ චීනයෙන් වීමද විශේෂත්වයක්. චීනයෙන් පසුව ලොව වැඩිම කොරෝනා වෛරසය ආසාදියන් වාර්තා වන්නේ ජපානයෙන් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
 

More News..