brand logo

කොරෝනා මරණ ආදාහනය ගැන ගැසට් එකක්

12 April 2020

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කර තිඛේ. ඒ සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය විසින්. ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර කොරෝනා වෛරස් රෝගයෙන් මිය ගොස් ඇති තැනත්තෙකුගේ මෘත දේහය ආදාහනය කිරිම සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. එම නියෝග වලට අනුව කොරෝනා වෛරස් රෝගයෙන් මියගොස් ඇති හෝ මියගොස් ඇති බවට සැක කරනු ලබන යම් තැනැත්තෙකුගේ මෘත දේහය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල්වරයා විසින් නිකුත් කරන විධිවිධාන අනුකූලව සිදු කළ යුතු බව සඳහන් කර ඇත. සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45කට සිට පැයක කාලයක් සඳහා සම්පූර්ණයෙන් දැවී යන තෙක් අනුමත කරන ලද සුසාන භුමියක හෝ ස්ථානයක ආදාහනය කළ යුතු බවයි අදාල ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. මෘත දේහය හසුරවනු ලබන තැනත්තන්ගේ ඇඳුම සහ නැවත භාවිතා කළ නොහැකි ආරක්ෂක උපාංග මිනි පෙට්ටිය ද සමඟින් පුළුස්සා දැමිය යුතු බව ද එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. මීට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ වගන්ති කිහිපයක් ද සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් සංශෝධනය කර ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
 

More News..