brand logo

කොරෝනා මරණ අනිවාර්යයෙන්ම ආදාහනය කළ යුතු බව ඉන්දීය විශේෂඥයෙක් කියයි

13 November 2020

පුද්ගලයකු මියගොස් පැය 18 කට පසුව පවා කොවිඩ් වෛරසය ශරීරයේ සමහර කොටස්වල සැඟවී සිටිය හැකි බවට ඉන්දියානු අධිකරණ වෛද්‍යවරයකු සොයාගෙන ඇත. නව සොයාගැනීමත් සමග කොරොනා වෛරසය ආසාධනය වීමෙන් මිය යන සියලුම පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කළ යුතු යැයි නිගමනයකට එලඹී ඇත. පසු ගිය සතියේ මුල මෙම නවතම සොයා ගැනීම කර ඇත්තේ අධිකරණ වෛද්‍ය විශේෂඥ දිනේෂ් රාඕ විසිනි. කොරොනා ආසාධනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ සායනික මරණ පරීක්ෂණ සාමාන්‍යයන් සිදු නොකරන අතර ඉන්දියාවේ ද මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ පළමු වරට යි. අතිශය අවධානම් සහිත මෙම පරීක්ෂණය කිරීමට කිසිවකුත් ඔහුට සහය වී නොමැති අතර මළ සිරුර මරණ පරීක්ෂණ මේසය මත තබා ගැනීමට පමණක් තමාට උදව් ලැබුණු බව පවසයි. කොරොනා ආසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බෙංගාලූරුවේ 62 හැවිරිදි රෝගියෙකුගේ මළ සිරුර පිළිබඳ මෙම සායනික මරණ පරීක්ෂණය කර ඇති අතර එහිසී හෙළි වී ඇත්තේ මියගොස් පැය 18 කට පසු මුඛය, උගුර සහ නාසික ප්‍රදේශය තුළ වෛරසය ක්‍රියාකාරීව ඇති බවයි. වෛද්‍ය රාඕ පවසන පරිදි ඔහු මෙම අවදානම් සහගත මරණ පරීක්ෂණය කර ඇත්තේ රෝග ක්‍රියාවලිය සහ එහි ප්‍රතිඑල අවබෝධ කර ගැනීමටත්, ප්‍රතිකාර ක්‍රම වෙනස් කිරීමට අවශ්‍යතාවයක් තිබේදැයි අධ්‍යයනය කිරීමටයි. වෛද්‍ය රාඕගේ සොයාගැනීම්වලින් හෙළදරවු වූ අනෙක් නවතම තොරතුර නම් කෘතිම වාතාශ්‍රය හෝ ඔක්සිජන් පාලනය මගින් කොරෝනා ආසාධිත රෝගීන්ට උදව්වක් නොමැති බවයි. පරීක්ෂණයට භාජනය වූ මළසිරුරේ පෙනහළු විනාශ වී තිබූ ස්වරූපය ඔහු ඊට උදාහරණ ලෙස පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් මෙම සොයාගැනීම් අදාළ වන්නේ එක් කොරොනා ආසාධිත ශරීරයකට පමණක් බව පෙන්වා දෙන වෛද්‍ය රාඕ පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කරන දේ අන්ධ ලෙස අනුගමනය කරනවා වෙනුවට රෝග ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමට සහ අපගේ ප්‍රතිකාර ක්‍රම වෙනස් කිරීමට අපට තවත් පර්යේෂණ අවශ්‍ය වන බවයි. සබැඳි පුවත්- රටේ විශේෂ තත්ත්ව මුස්ලිම් චාරිත්‍රවලට අදාල නැති බව සිංහලයෝ තේරුම් ගන්න ඕනලු http://www.aruna.lk/රටේ-විශේෂ-තත්ත්ව-මුස්ලිම/?fbclid=IwAR0cYXNN7pOnLM6fKGQwSREG8uw72ura-6bRN2lFjPCIZOYoHv-9mCWa_8E කොරොනාවෙන් මැරිලා දවස් 27කට පස්සේ මළ සිරුරට වෙච්ච දේ http://www.aruna.lk/කොරොනාවෙන්-මැරිලා-දවස්-27/?fbclid=IwAR2E_dRO20mKaXK_v5gm1y1psTBOdJd-16VoIUeTsZOKa7Zi3htoQqiFezc
 

More News..