brand logo

කොරෝනා මඬින්න නහයට විදින ස්ප්‍රේ එකක්

30 September 2020

කොරෝනා වයිරසය මර්දනය කිරීමේදී බොහෝ දෙනකු බලාපොරොත්තු තබාගෙන සිටින්නේ එන්නතක් සම්බන්ධයෙනි. නමුත් ඊට වෙනස් තවත් ප්‍රතිකර්මයක් ගැනද පසුගියදා මාධ්‍ය ඔස්සේ වාර්තා විය. එය නාසයට විදිනු ලබන (ස්ප්‍රේ කරනු ලබන) ද්‍රව්‍යයකි. මෙය නිල වශයෙන් INNA-051 යනුවෙන් හැඳින්වෙන අතර සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට සහ උණට එරෙහිව මිනිසුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා භාවිතා කිරීමට නිපදවූවකි. ඔස්ට්‍රේලියාවේ එනා රෙස්පිරේටරි Ena Respiratory නමැති ජෛව තාක්‍ෂණ ආයතනය නිපදවමින් සිටින මෙය කොරෝනා වයිරසය සඳහාද භාවිතා කළ හැකිද යන්න සොයා බැලීම සඳහා පසුගිය දිනවල පියවර ගෙන තිබිණි. සතුන් යොදා ගනිමින් කර තිබූ අධ්‍යයනයකින් පසු අනාවරණය වන්නේ එයින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවයි. මෙම සතුන්ගේ සිරුරු තුළ වයිරස ප්‍රමාණය සැලකිය යුතු තරමින් අඩු කිරීමට ඊට හැකි වී තිබූ බව එම ආයතනය සඳහන් කර තිබේ. එම වයිරසය සියයට 96ක් තරම් ප්‍රමාණයකින් අඩු කිරීමට මීට හැකියාව ලැබී තිබිණි. මෙම අධ්‍යයනය සිදු කරනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍ය රජයට අයත් ආයතනයක් විසිනි. •සහන් වික්‍රමගේ
 

More News..