brand logo

කොරෝනා මඩින්න ඇමරිකාවෙන් ලංකාවට ආධාරයක්

05 June 2021

කොවිඩ් -19 වසංගතයට එරෙහිව කටයුතු කිරීම සඳහා හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. විශේෂ ගුවන් යානයක් මගින් එවා ඇති එම වෛද්‍ය ආධාරවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 6කි. මෙරට සෞඛ්‍ය අංශ සඳහා අවශ්‍ය පුද්ගලික ආරක්ෂක ඇදුම් කට්ටල 880,000ක් ලබා දී ඇති අතර හෘද ස්පන්දනය මැනීම සඳහා වන Oximeters 1,200 ක් ද ලබාදී ඇත. ශ්‍රී ලංකාව, මාලදිවයින සහ පාකිස්තානය යන රටවල් සඳහා මෙම හදිසි වෛද්‍ය සැපයුම් තොගය ලබාදීමට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉදිරි සති කිහිපය තුළ දකුණු ආසියානු රටවලට තවත් සෞඛ්‍ය ආධාර තොගයක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු ඒජන්සිය හරහා ලබාදීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..