brand logo

කොරෝනා මංගච්චද්දී දඹානේ දොර යලි අරියි

26 June 2020

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගත තත්ත්වය  හේතුවෙන් තාවකාලිකව සංචාරකයන් සදහා විවෘත නොවු දඹාන ආදිවාසී ගම්මානය ඊයේ (25) දින සිට යලි සංචාරකයන් සදහා විවෘත කරයි සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිබදිමින් ආදිවාසී  ගම්මාන‍ය හා ආදිවාසී කෞතුකාගාරය වෙත පැමිණ නැරබීමේ අවස්ථාව ලබාදී ඇති බව  විශ්ව කිර්ති වනස්පතී  වන්නිලා ඇත්තන් දෙස් විදෙස් සියලු දෙනා වෙත දැනුම්දෙන  බව මාධ්‍ය හමුවේ අදහස්  දක්වමින් ප්‍රකාශ කර සිටියේය. රටම කොරෝනා වසංගතයෙන් වෙලී යද්දී මහියංගණ, දඹාන  ආදිවාසී ගම්මානය හා ආදිවාසී කෞතුකාගාරය පසුගිය  මාර්තු මස 16 වන දින සිට සංචාරකයන් සදහා තහනම්  කලාපයක් ලෙස නම් කර වසා දැමීමට ආදිවාසී නායක  වන්නිලා ඇත්තන කටයුතු කරනු ලැබීය. වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (25) උදැසන  සෞඛ්‍ය නිතිරිති පිළිපදිමින් දඹාන ගම්මානය නැරබීම සදහා පැමිණි සංචාරකයන් පිරිසක් සදහා ආදිවාසී ගම්මානය හා ආදිවාසී කෞතුකාගාරය විවෘත කරන ලදී. ආදිවාසී චාරිත්‍රාණුකූලව “කිරි කොරහා“ ශාන්ති කර්මය සිදු  කර රට, ලොවට කොරෝනා වසංගතයෙන් කඩිනමින් මිදිම  සදහා එහිදී සෙත් ප්‍රාර්ථනා සිදු කරනු ලැබීය.මෙහි දී ආදිවාසී නායක තුමා වැඩි දුරටත් ඒ අදහස් දක්වමින් ඇත්තට ම අද  දවස වෙනකොට මම ගොඩක් සතුටු වෙනවා මොකද මේ දඹානට අපේ රටේ විතරක් නෙවෙයි නොයෙක් රටවල් වලින් එන සංචාරකයන්ටත් දඹානට එන්ඩ තහනම් කියලා මම  පහුගිය corona කාලේ තහනම් කරා අද දවස වෙනකම්ම. හැබැයි මම එහෙම කිව්වේ අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම බය වෙලා හිටිය මේ කොරෝනා කියන ලෙඩේ ලොකු විනාශයක් කරලා තිබ්බා. ඉතින් එය විනාශ හින්දා  මටත් බය හිතුනා මටත් ලොකු වගකීමක් තියෙනවා. මම  අපේ පරම්පරාවේ නායකයා හැටියට මේ ගම ආරක්ෂා  කරගන්ඩ ඕන කමක් අපේ මිනිස්සු ආරක්ෂා කර ගන්න එකත් අනිත් මිනිස්සුන්ගෙ ආරක්ෂාවක් ගැන හිතලා අපි අපේ කෞතුකාගාරයේ වහළ දැම්මා .ඉ තින් අද දවස මම සතුටු වෙනවා මේ ලෙඩේ ඒ ගැන අපේ රට ගැන හිතලා බලනකොට අනිත් රටවල් වලට වඩා අපේ රටේ මේ ලෙඩේ  පාලනය වෙලා තියෙනවා .ඉතින් එහෙම කරලා තියෙන හින්දා රටේ අනිත් ආයතනත් විවෘත කරලා තියෙන හින්දා  මමත් අපේ දඹාන බලන්ඩ එන්ඩ සහ කෞතුකාගාරය විවෘත කරා. හැබැයි මේවා විවෘත කරාට මේවා බලන්ඩ එන අය එයාලගෙත් අපේත් ආරක්ෂාව ගැන හිතලා වැඩ කරන්න ඕන ඇත්තටම මේ කාලේ වෙන කොට දේශපාලන නායකයෝ අනිත් සමාජය මහා මිනිස්සුත් මේ ඡන්දයක් කියලා කතා කරන කොට මේ ඡන්දෙට වාසි ගන්ඩ එක එක කතාවල් කියනවා. හැබැයි මම නායකයෙක් හැටියට මේවා අනුමත කරන්නේ නැහැ. මොන ම ආගමක හරි මොනම ජාතික හරි නායකයකුට එහෙම එහෙම අපහාස වෙන කතා කරනවා නං ඒක දේශපාලන නායකයෙක් නෙවෙයි . මොන නායකයෙක් වුනත් එහෙම කතා කරන එක වැරදියි .  ඉතින් කරුණා මං ගැන කතා කරනකොට අවුරුදු තිහක් මේ රටේ යුද්ධයක් තිබුණා. එතකොට මේ යුද්ධ හින්දා අපේ රටේ තිබුණ ආණ්ඩුවට විරුද්ධව මානව හිමිකම් කියන එක මුළු  ලෝකෙම කතා කරා. ඉතින් ඒ කාලෙ හිටපු ජනාධිපති තුමා  මහින්ද රාජපක්ෂ මහත්තයා එයාට විරුද්ධව මුළු ලෝකෙම කතා කරා මිනිස්සු මැරුවා එක ඒ විදියට මැරුවා  කියලාමිනිස්සුන්ගෙ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරා කියන එක ගැන කතා කරා ඇත්තට ම මම කියන්නේ මේ  එක පැත්තකට කියලා මානව හිමිකම් කියලා කතා කරන මේ කණ්ඩායම දැන් මෙන්න මේ වගේ ඒ වත් හොයලා බලන්න ඕනා. දැන් කරුණා අම්මාන් ප්‍රසිද්ධියේ කතා කරනවා නම් මම මේ වගේ ගානක් මැරුවා කියලා එයාගෙ කටින් ම එයි සාක්ෂිය එයා කියලා තියෙනවා. එහෙනම් ඉතින් අර යට තියන මානව හිමිකම මෙයාටත් තියෙන්න  ඕන කරුණා අම්මා න් එහෙම කතා කරනවා නම් එහෙම කතා කරන එක වැරදියි. මේ රටේ සෑම පක්ෂයකින් ම මෙවර මැතිවරණයට ඉදිරිපත්  වෙනවා ඒ හැමෝගෙම අදහස් හොඳයි. ඒ සේරටම මම කැමතියි හැබැයි මම කියන්නෙ ඒ හැමෝටම ඕන රට හදන්න නම් ඇයි ඔය සේරමලට ඒකට එකතු වෙලා මේ රට නගා හිටවන්න බැරි  මෙම මනාප ඡන්ද ක්‍රමය මම පිළිගන්න කැමති නැහැ ඒ මොකද ඉස්සර එක කොට්ඨාශයක එක නායකයෙක් පත් කරන කොට ඒ නායකයාට ඒ කොට්ඨාස ඡන්ද පමණයි  අවශ්‍ය වුණේ නමුත් දැන් තියන මනාප ක්‍රමය අනුව එම  අපේක්ෂකයා ට ඒ තමා ඉල්ලන්න කොට්ඨාස යෙ ඡන්ද  නොමැති නම් පිට කොට්ඨාසයකින් මනාප ලබා ගනිමින්  ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා නමුත් විය යුත්තේ එම කොට්ඨාශයට පත් කරගත යුත්තේ එම කොට්ඨාශය මිනිස්සු කැමති අපේක්ෂකයා පමණයි. එම නිසා මම හිතනවා කොට්ඨාශ ඡන්ද ක්‍රමය මෙයට වඩා හොඳ බව .තව  දුරටත් ඔහු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රටේ බලය ලබා ගැනීම සඳහා සියලුම පක්ෂ නායකයින් පොර කන අතරේ මේ පරිසරයටත් ආදරය කරන පරිසරය රැක ගැනීමට  කටයුතු කිරීමත් මෙය සියලු නායකයන්ගේ වගකීමක් බවයි. අංජලී පෙරේරා මහියංගණය
 

More News..