brand logo

කොරෝනා බවට සැක 16ක්

07 February 2020

මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත යැයි සැක කරන රෝගීන් 16 දෙනකු රෝහල් නවයක සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය. අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (06 වැනිදා) පැවැති මධ්‍ය හමුවේදීය.
ඒ අනුව අයි.ඩී.එච්. රෝහලේ තිදෙනෙක් (3) කරාපිටිය ශික්ෂණ රෝහලේ දෙදෙනෙක් (2), මහනුවර ජාතික රෝහලේ සිව් දෙනෙක් (4), මීගමුව රෝහලේ දෙදෙනෙක් (2), රාගම ශික්ෂණ රෝහලේ එක් රෝගියකු (1) වශයෙන් ප්‍රතිකාර ලබන බව හෙතෙම කියයි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල බදුල්ල පළාත් රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, සහ යාපනය රෝහලේ එක් රෝගියකු බැගින් රෝගීන් සිව් දෙනකු (4) ප්‍රතිකාර ලබන බවත් අනිල් ජාසිංහ පවසයි. මෙම රෝගී තත්ත්වය කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ ඉඩකඩක් පවතින බවත් ඒ සඳහා දැඩි අවදානයෙන් සිටින බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම වෛරසය පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු පසුගිය 6 වැනිදා සිට කටුනායක ගුවන්තොටුපළේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උප සභාපති ධුරයට වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කර ඇත.
  චාමර පල්ලේගෙදර
 

More News..