brand logo

කොරෝනා බවට සැක කාන්තාවක් දරුවෙක් ප්‍රසුත කරයි

21 March 2020

කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක සහිතව රෝහල්ගත කර පරීක්ෂණය සිදුකරමින් පැවැති කාන්තාවක කොළඹ කාසල් මාතෘ රෝහලේදී බිළිඳෙකු ප්‍රසූත කළහ. ඇගේ සැමියා ඉතාලියේ රැකියාවක් කරන අතර, මෑතකදී ඉතාලියට ගොස් නැවත පැමිණි පසුව, එම කාන්තාවට කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ මතුව ඇත. ගැබ් ගෙන සිටි එම කාන්තාව විසින් ඊයේ(20වනදා) දිනයේදී සිය දරුවා ප්‍රසුත කරන ලදී. දරු උපත නිරෝගීව සිදු වූ බව ද වාර්තා විය. දරු ප්‍රසූතියෙන් පසුව කාන්තාවගේ කොරෝනා සාම්පල පරීක්ෂණයේ ප්‍රතිඵලය ලැබී තිබූ අතර, එම රෝගය ඇයට වැළදී නොතිබූ බව එහි සටහන් වූ බව, රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.
 

More News..