brand logo

කොරෝනා බවට සැකපිට තරුණියක් බදුල්ල මහ රෝහලට

06 February 2020

නව කොරෝනා වෛරසයේ රෝගලක්ෂණ ඇති තරුණියක් ඊයේ (5) පස්වරුවේ බදුල්ල මහ රෝහලට ඇතුළුත් කර තිබේ. මෙසේ ඇතුළුත් කර ඇති තරුණිය මීට දින කිහිපයකට පෙර ඇය ඉගෙනුම ලබන චීනයේ සරසවියක සිට ලංකාවට පැමිණ ඇත. මෙම තරුණිය මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිදෙක තරුණියක් වන අතර ඇයට මෙම රෝග ලක්ෂණ ඇති බවට අනාවරණය වීමත් සමග මෙලෙස රෝහල් ගත කර තිබේ. වෛද්‍ය නිළධාරින්ගේ උපදෙස් අනුව මෙම තරුණිය බදුල්ල රෝහලේ ඇති විශේෂ ප්‍රතිකාර ඒකකයට සුව සැරිය ගිලන් රථයක් මගින් රැගෙන විත් තිබෙනවා. ඇය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණ රැසක් ආරම්භ කර ඇති බව බදුල්ල රෝහලේන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.   ජයන්ත වීරසේකර
 

More News..