brand logo

කොරෝනා පැණිය ගන්න 5000කට අධික පිරිසක් ධම්මිකගේ නිවස වටලයි

08 December 2020

කොරෝනා වෛරසය සඳහා දේශීය ඔසුවක් සොයා ගත් බව කියන ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා පැණිය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් කෑගල්ලේ, හෙට්ටිමුල්ලේ, උඩුමාගම පිහිටි ඒ මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණ ඇති බව කෑගල්ල පොලිසිය සඳහන් කරයි. අප කෑගල්ල පොලිසියෙන් කළ විමසීමකදී අදාළ ඖෂධය ලබා ගැනීම සඳහා අද(08) අලුයම් කාලයේදී 5000ක පමණ ජනකායක් පැමිණ සිටි අතර මේ වන විට ඊට අධික පිරිසක් ඒ මහතාගේ නිවස ඉදිරිපිට සිටින බවයි. පවතින තදබදය පාලනය කිරීම සඳහා කෑගල්ල පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් 200කට අධික පිරිසක් යොදවා ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම පැණිය ලබා ගැනීම සඳහා කොරෝනා ආසාදිත පුද්ගලයින්ද පැමිණ ඇති බව වාර්තා වීමත් සමඟ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එම ස්ථානයට පැමිණ ඇති බව පොලිසිය සඳහන් කරයි. අදාල ඖෂධය මගින් කොරෝනා සුවපත් වන බවත් ඖෂධය භාවිත කල අයෙකුට වෛරසය ආසාදනය නොවන බවත් ධම්මික බණ්ඩාර මහතා සදහන් කර ඇත. https://youtu.be/M9WUEIRdcps  
 

More News..