brand logo

ඇමති චන්න කියන සුදර්ශන පැණියක් වෙළෙඳපොළේ නෑ

09 November 2020

අද වන විට කොවිඩ් වලට වඩා වේගයෙන් සුදර්ශන පැණිය සමාජගත වෙලා. ඒකට හේතුව සුදර්ශන පැණියේ බලපෑම පර්යේෂණ මගින් ඔප්පු කරපු නිසා කොවිඩ් රෝගීන්ට නියම කරන්න කියල බටහිර රෝහල් වලට යවනවා කියල රාජ්ය ආමාත්ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්යයට කියපු නිසා. එතකොට දැන් මිනිස්සු රට වටේ දුවනවා කොරෝනා පැණිය හොයමින්. දොස්තර මහත්තුරු දැනටමත් කලබල වෙලා රෝහල් වල ආයුර්වේද බේත් දුන්නොත් තමන්ගේ තත්වෙට හොඳ මදි අගෞරවයක් වෙයි කියල. එහෙම බටහිර නොවන බේතක් රෝහල් වල දෙන එක වෘත්තීය අපචාරයක් කියල එක දොස්තර මහත්තයෙක් කලින් කියලා තිබ්බ. අපි ඒ අයගේ මතයට ගරු කරන්න ඕනේ. ඒ නිසා අපේ රෝහල් වල කොවිඩ් ලෙඩ්ඩු නතර කර ගෙන අපේ බේත් දුන්න නම් දෙගොල්ලගෙම ජාමේ බේරෙනවා. වෘත්තීය සදාචාරයත් රැකෙනවා. කිසිම අපචාරයක්.. දුරාචාරයක්... විෂමචාරයක් වෙන්නෙත් නැහැ. දැන් ප්රශ්නේ තියෙන්නෙ මේ සුදර්ශන පැණිය ගැන තියෙන සමාජ කෝලාහලය කොහොමද බේරෙන්නේ කියන එක. කොවිඩ් වල පැතිරෙන වේගය බැලුවම මිනිස්සු කොහොමත් බයෙන් ඉන්නෙ. ඒ වගේම බටහිර වෙදකමට මේකට විසඳුමක් නැති නිසා ඒ ගැන විශ්වාසයත් නැති වෙලා. ඇමරිකාව, එංගලන්තය වගේ බලවත් දියුණු රටවල් වල සෞඛ්ය සේවා මේ කොවිඩ් ඉදිරියේ අසරණ වෙලා නම් අපේ රටේ තත්වය ගැන කුමන කතා ද? ඒ නිසාම මිනිස්සු අපේ දේශීය වෙදකම ගැන විශ්වාසය තියාගෙන ඉන්නෙ. මතකයි නේ කොරෝනා ආපු අලුතම පෙරුම්කායම්, වදකහ ටික සුද්ද කරලා වැඩි ගානට විකුණලා බේත් කඩ හිස් කරපු හැටි. අන්තිමේ අද වෙන කොට වියළි කහත් ගිනි ගණන් ගියා. ඒ අස්සේ මේ පාර මිනිස්සු එල්ලෙන්න නැතුව ඉන්න කොට සුවධරණී ආව. ඒක ඉවර වෙන කොට සුදර්ශන පැණිය ආව. දැන් මිනිස්සු හිතාගෙන ඉන්නේ සුදර්ශන පැණියෙන් වැඩේ ගොඩ කියල. ඒ හින්ද මේක ප්රයෝජනයට අරගෙන වෙළෙඳ පොළට සුදර්ශන පැණි කියල නොයෙක් ව්යාජ නිෂ්පාදන එන්න ඉඩ තියෙනවා. තවම සුදර්ශන පැණිය කියල එකක් වෙළෙඳපොළේනැහැ. ඒක පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. ඒ වෙනුවට බොරු කොරෝනා පැණි වෙළෙඳපොළට එන්න පුළුවන්. ඒවාට රැවටෙන්න එපා. සුදර්ශන පැණියට ලැබිච්ච ප්රචාරය හින්ද කොන් වෙලා හැංගිලා හිටපු දුම්හට්ටිකාරයො ටිකත් කළ එළි බැහැල ඉන්නව දැක්ක. සුදර්ශන කියන බේතට ලැබෙන ගෞරවණීය පිළිගැනීම ගැන අපිට සතුටුයි. ඒ වුනාට ඒකට මුවා වෙලා බොර දියේ මාලු බාන උන් ගැනත් අපි ටිකක් අවදියෙන් ඉන්න ඕනේ. මේ වෙලාවේ කොවිඩ් සුවකරන්න වෛරස් මරන්න පුළුවන් බේත් නොයෙක් විදියට වෙළෙඳපොළට එන්න තියෙන ඉඩකඩ වැඩියි. ප්රතිශක්තිකරණ පෙති කරල් පැණි විකුණන උනුත් එන්න පුළුවන්. ඒ වගේ ජාවරම්කරයින්ට රැවටෙන මිනිස්සු අපරාදේ තමන්ගේ සල්ලි වියදම් කරගන්නවා. සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න https://youtu.be/8cZw528QEqI  
 

More News..