brand logo

මුහුදුබඩ මාර්ගයේ ස්ථාන කිහිපයක දුම්රිය නැවැත්වෙන්නේ නෑ

24 October 2020

මෙරට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා පැවසුවේ මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථානවල දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බවයි. ඊට අමතරව මුහුදු බඩ මාර්ගයේ කටුකුරුන්ද සහ බෙන්තොට අතර දුම්රිය ස්ථානවලද දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. කෙසේ වෙතත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පොල්වත්තගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..