brand logo

කොරෝනා නිසා වැසුන මාර්ග හෙට විවෘතයි

21 February 2021

    කොවිඩ් අවදානම හේතුවෙන් වසාදැමුන ගම්පහ පොදු වෙළඳ පොළ ආශ්‍රිත මාර්ග සහ අවට වෙළඳසල් හෙට (22) දින සිට යලි විවෘත කිරීමට පියවර ගන්නා බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතා සඳහන් කර තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදනය නොවූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත් නිරෝධායනය අවසන් කළ වෙළඳසැල් හිමියන්ට ඔවුන්ගේ වෙළඳසල් හෙට විවෘත කිරීමට අවස්ථාව සැලසෙන බවත් ආසාදිතයින් බවට හදුනාගැනීමෙන් පසුව ප්‍රතිකාර ලබන්නන්ගේ වෙළඳසල් , ඔවුන්ගේ නිරෝධායන කාලයෙන් පසුව විවෘත කිරීමට අවස්ථාව ලබා දෙන බවත් ගම්පහ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා ද සඳහන් කර තිබේ. පසුගිය 8 සහ 9 දින පොදු වෙළඳපොළ වසා දමමින් නගරයේ මාර්ග කිහිපයක් වසා දැමීමට තීරණය කෙරුනේ ගම්පහ පොදු වෙළඳ පොල ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 75 දෙනෙකු හමුවීම නිසාවෙනි.
 

More News..