brand logo

කොරෝනා නිසා රජය ෆේල් වෙනවට මම කැමති නෑ

19 November 2020

කොළඹ නගර සභා සීමාව තුළ උතුරු කොළඹ, මැද කොළඹ සහ බොරැල්ල යන ප්‍රදේශ නිසියාකාරව ලොක්ඩවුන් කරන්නේ නම් දෙසැම්බර් පළමු සතියේදී සියලුම ප්‍රදේශ විවෘත කළ හැකි බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. අද (19) පැවති මාධ්‍ය හමුවකදී ඇය පෙන්වා දුන්නේ කොළඹ නගරයේ හුදෙකලා කර ඇති ප්‍රදේශ අතර පවතින සමහරක් ප්‍රදේශ හරහා ජනතාව රැකියාවලට පවා යන බවයි. උදාහරණයක් පෙන්වා දෙමින් කොළඹ පුරපතිනිය කියා සිටියේ දෙමටගොඩ කාලිපුල්ල වත්ත ප්‍රදේශ නිරෝධායනය වෙමින් සිටි පවුලක සාමාජිකයින් පිරිසක් සිය රැකියාවන් සදහා ගොස් ඇති බවයි. ඒ අනුව දැනෙට හුදෙකලා කර ඇති කොළඹ නගරයේ පවතින යම් යම් ප්‍රදේශ හුදෙකලා කළ යුතු බව රෝසි සේනානායක මහත්මිය සදහන් කරයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රෝසි සේනානායක මහත්මිය මෙලෙස පැවසීය... "රජයට විතරක් වගකීම දීලා එක එක්කෙනා විවේචනය කිරීම නෙමෙයි අපි කරන්නේ. අපි සියලුදෙනාම මැදිහත්වෙලා මේකෙන් ගොඩ එන්න. මම කැමති නෑ කොවිඩ් හේතු කරගෙන රජය ෆේල් වෙනවට."
 

More News..