brand logo

කොරෝනා නිසා පලාලි ගුවන්තොට වැසෙයි

15 March 2020

කොරෝනා රෝගී තත්වයේ බලපෑම මත යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීමට තීරණය කොට ඇති බව ගුවන් තොටුපොළ භාර නිළධාරීන්  පවසයි. ගුවන් තොටුපොළ නිළධාරීන් පැවසූවේ කොරෝනා වෛරසයේ පැතිරයාමත් සමඟ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ඉන්දියාව වෙත ගමන් කිරීමට ගුවන් මගීන් පැමිණීම ඉතා අවම මට්ටමක පැවතීම හා පවතින සෞඛ්‍ය ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන ගුවන් තොටුපොළ සේවා කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කොට ඇති බවයි. පසුගිය දින කිහිපය පුරාම ගුවන් මගීන් පැමිණීම ඉතාම අවම අගයක් ගෙන තිබු බවත්,පවතින සෞඛ්‍ය අවධානම හේතුවෙන් චෙන්නායි දක්වා ගුවන් ගමන් වෙත මගීන් බියක් දැක්වීම වැනි කාරණා හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇති බවද ගුවන් තොටුපොළ නිළධාරීන් පවසති. යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ඉන්දියාවේ චෙන්නායි දක්වා ගුවන්ගමන් සිදුකරන අතර,පවතින සෞඛ්‍ය අවධානම් තත්වය හේතුවෙන් ඉතා සුළු මගීන් පිරිසක් වෙත ගුවන් ගමන් සැපයීමට කටයුතු කිරීම තුළින් වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇති බවද ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසති.   වවුනියාව - මාධව කුලසූරිය.
 

More News..