brand logo

කොරෝනා නිරෝධායන වැඩසටහන වරාය සභාපතිගේ නිරීක්ෂණයට

05 February 2020

කොළඹ වරාය මගී පර්යන්තය වෙත පැමිණෙන සංචාරක මගී නෞකාවන්ගෙන් මෙරට පැමිණෙන සංචාරකයින්ගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමේ විශේෂ වැඩපිළිවෙල නිරීක්‍ෂණය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරල් දයා රත්නායක මහතා අද (05) දින එක්විය. මෙම විශේෂ වැඩසටහන තුළින් සංචාරකයින්, නිසි ලෙසින් වෛද්‍ය පරික්‍ෂාවට ලක් කරමින්, රෝගී තත්වයන් හැඳින ගැනීමත් හා කිසිදු අයුරකින් සංචාරකයින් අපහසුතාවයට පත් නොකර වෛද්‍ය පරික්‍ෂණ වෙත යොමු කරයි. ආසාධිත හෝ ආසාධිත බවට සැක කෙරෙන හා උණ රෝගීන් වේනම් ඔවුන් පරික්‍ෂා කිරීමට හා හුදෙකලා කර නිසි ප්‍රතිකාර ලබා දීමටද සෞඛ්‍යාරක්‍ෂිතව හා ප්‍රවේශම් සහගත ලෙස නිර්දේශිත රෝහල් කරා යෑමට අවශ්‍ය සියලු පහසුකම් සම්පාදනයට ද විශේෂ අවධානය යොමු කරන ලෙස සභාපති දයා රත්නායක මහතා විසින් අදාල සියලු පාර්ශවයන් වෙත දන්වන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන වැඩසටහන් අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්.එම්.ආනල්ඞ් මහතාගේ සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රොෂාන් සම්පත් මහතාගේ පූර්ණ දායකත්වයෙන් සිදුකරනු ලබයි. පසුගියදා මගීන් 1952 කින් හා 872 ක කාර්යය මණ්ඩලයකින් සමන්විතව කොළඹ වරායට ලඟා වූ sun princess නෞකාව සහ අද දින (05) කොළඹ වරායට පැමිණි සංචාරක මගින් 2470 ක් සහ 1425 ක කාර්යය මණ්ඩලයකින් සමන්විත Queen Mary2 නෞකාව හා සංචාරක මගීන් 583 කින් හා 366 කගේ කාර්යය මණ්ඩලයකින් සමන්විතව කොළඹ වරායට ලඟා වූ Boudicca නෞකාවේ පැමිණි මගින් හා කාර්යය මණ්ඩලය ද මෙම විශේෂ නිරෝධායන වැඩසටහනින් පරික්‍ෂාවට ලක්කෙරිණි.
 

More News..