brand logo

කොරෝනා දෙවැනි රැල්ල ඇති වූ විදිහ ගැන සෝභිත හිමියෝ පෙරළිකාර අනාවරණයක් කරති

14 November 2020

කාටත් පොදු එක නීතියක් තිබිය යුතුයි

මිනී ගැන නොව මිනිසුන් ගැන සිතන්න

ආණ්ඩුවට රිදෙන්න කිව්ව කතාව මෙන්න

කොරෝනා දෙවැනි රැල්ල ඇතිවීමට හේතුව රජය විසින් ඉටු විය යුතු ඇතැම් යුතුකම් ඉටු නොවීම නිසා බවත් ජනතාවගේ ආරක්ෂාව හා රටේ අභිවෘද්ධිය හා ආරක්ෂාව ගැන හිතන රජයක් දුර දක්නා නුවනින් යුතුව කටයුතු කළ යුතු බවත් බව දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. ශ්‍රි ලංකා රාමාන්‍ය මහා නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන් වහනසෙගේ සුවදුක් විචාරීම සඳහා ඊයේ ( 13) පේරාදෙණි ශික්ෂණ රෝහලට වැඩම කර යළිත් ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණි අවස්තාවේදී උන් වහන්සේ මේ අදහස් පලකළේය. කොරොනා ආසාධනය වීමෙන් මිය යන ඉස්ලාම් භක්තිකයින්ගේ දේහයන් භූම දානයට අවසර ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ රටක තිබිය යුත්තේ එක නීතියක් බවයි. එම නීතිය පක්ෂ පාට ජාති ආගම් බේදයකින් තොරව ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන් උන්වහන්සේ මිය ගිය වුන් ගැන නොව ජීවත්ව සිටින මිනිසුන් ගැන රජය සිතිය යුතු බව අවධාරණය කළේය. කොරෝනා දෙවැනි රැල්ල ඇති වූ ආකාරය ගැන උන් වහන්සේ මෙහිදී කළ පෙරළි කාර අනාවරණය පහත වීඩියෝවෙන් නරබන්න.  
 

More News..