brand logo

කොරෝනා දෙවැනි රැල්ලෙන් ලංගමට මිලියන 780ක පාඩුවක්

14 November 2020

කොවිඩ් - 19 දෙවැනි රැල්ල වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් ගාස්තු සංශෝධනය වුවද රුපියල් මිලියන 600ක පමණ පාඩුවක් විඳීමට සිදුවනු ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සිකුරාදා (13දා) පැවසීය. කොවිඩ් දෙවැනි රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන් ලංගමයට මේ වනවිට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 780ක් යැයිද හෙහෙතම කීවේය. තාවකාලික බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට පෙරාතුව රුපියල් මිලියන 1260ක් පමණ පාඩුවක් අනුමාන වූ බවත් එම සංශෝධනයට අනුව එම පාඩුව හරි අඩකින් හෝ අඩු වෙතැයි බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ලංගමයටත් පෞද්ගලික බස් සේවාවලටත් සිදුවන මේ පාඩුව නිසාවෙන් තාවකාලික බස් ගාස්තු සංශෝධනයක් සිදුකර ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දුන් බවත් පැවසූ ඒ මහතා සෑම ලංගම බස් රථයක්ම කිලෝමීටරයකින් රුපියල් 18ක පාඩුවක් විඳිමින් ධාවනය වන බවද කීය. ‍ බස් රථවලට මගීන් ගොඩවීමේ විශාල අඩුවක් පවතින නමුත් සදුදා (16දා) සිට දිවයින පුරා බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට උපදෙස් දී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය. එෆ්. අස්ලම්
 

More News..