brand logo

කොරෝනා තවත් කර්මාන්ත ශාලාවක් වසා දමයි

10 May 2021

කොවිඩ් ආසාදිතයින් පිරිසක් හදුනාගැනීමත් සමග නොර්වුඩ් පුද්ගලික ඇගලුම් කම්හලක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සදහන් කළේ එම කම්හලෙන් ආසාදිතයින් 09දෙනෙකු හදුනාගත් බවයි. මෙම ඇගලුම් කම්හලේ සේවිකාවන් හදිසියේ රෝගාතුරවීමෙන් අනතුරුව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදී එහි සේවිකාවන් 09දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන තිබේ. එලෙස‌ කොවිඩ් ආසාදිතයින් හදුනාගැනීමත් සමග එම කර්මාන්ත ශාලාවේ තවත් සේවිකාවන් 200කට අධික පිරිසක් ඇන්ටිජන් පරීක්ෂාවන්ට ලක් කර ඇත. එමෙන්ම අදාළ කර්මාන්ත ශාලාව විෂබීජ හරණයට ලක් කිරීම සදහා තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.
 

More News..