brand logo

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කළ 9ක් අත්අඩංගුවට

09 April 2020

කොරෝනා වෛරසය මැඩපැවැත් වීමේ අරමුණින් ගනු ලැබු ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරිමේ අදහස ඇතිව සමාජ ඡාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කල සැකකරුවන් 9 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රචාරයන් සිදුකල සැකකරුවන් 8 දෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. මොවුන් බණ්ඩාරගම, මහනුවර, දෙහිවල, මහරගම, නුගේගොඩ, ගාල්ල, වාද්දුව, අංගොඩ, පොල්ගහවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
 

More News..