brand logo

කොරෝනා "කොවිඩ් 19" වෙයි

12 February 2020

චීනයෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය කොවිඩ්-19 (Covid-19) යන නිල නාමයෙන් මෙතැන් සිට හඳුන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් විසින් ජිනිවාහිදී මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය. “අපට දැන් රෝගය සඳහා නමක් තිබෙනවා. එය කොවිඩ් -19” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ජිනීවාහි වාර්තාකරුවන්ට පැවසීය. මේ වන විට නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 1016 දෙනෙකු පමණ මියගොස් ඇති අතර ඊයේ (11) දිනයේ හුබෙයි පළාතෙන් පමණක් පුද්ගල මරුණ 103ක් වාර්තා වී ඇත. ජාතික වශයෙන් 'කොවිඩ් 19' වෛරස රෝගීන්ගේ සියයට 20ක පමණ අඩුවිමක් මේ වන විට පෙන්නුම් කරන බව තවදුරටත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
 

More News..