brand logo

කොරෝනා කාණ්ඩ දෙකේ වෛරසයක්

05 February 2020

කොරෝනා වෛරසය කාණ්ඩ තුනේ වෛරසයක් නොව කාණ්ඩ දෙකේ වෛරසයක් යැයි කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග විශේෂඥ ජූඩ් ජයමහ මහතා සදහන් කරයි. මෙම වෛරසය පරික්ෂා කිරීමේ පහසුකම් වෛද්‍ය පර්යේෂණායතනය සතුව නොමැති බව ඇතැම් පාර්ශ්ව අසත්‍ය ප්‍රකාශ නිකුත් කර බවත් කොරෝනා නව වෛරසයේ නියදි 50ක් පමණ පරික්ෂා කිරීමේ ධාරිතාවක් කොළඹ වෛද්‍ය පර්යේෂණාගාරය සතුව පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මේ වන විට කොරෝනා සම්බන්ධයෙන් සැක සහිත නියදි 8 හෝ 10 දිනකට ලැබෙන බවත් මෙතෙක් ලැබුණු නියධීන්ගෙන් කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණේ දැනට අයි.ඩී.ඒච් උණ රෝහලේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවට පමණක් යැයිද හෙතෙම පැවසීය.   ශ්‍රියානි විජේසිංහ
 

More News..