brand logo

කොරෝනා එන්නත ටෙස්ට් කරන්න ලංකාවේ දරුවෝ යොදාගන්න යන කතාවක්

14 September 2021

සෝභිත හිමි අද කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය

පාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කළ යුතු වුවත් අත්හදා බැලීමට හෝ පරීක්ෂණ කිරීමට කොරෝනා එන්නත් ලබාදීමට ළමයින් යොදා නොගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව සෝභිත හිමියෝ පවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ කොවිඩ් මරණ වැළැක්වීම එකමුතුව අද(14) සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. නිසි විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව පාසල් සිසුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා නොදෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ මෙහිදී වැඩි දුරටත් ඉල්ලි සිටියේය. කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා දරුවන්ට එන්නත් ලබාදීමට විද්‍යාඥයින් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුකර නැති අතර ඒ සඳහා අනුමැතියක් ලැබී නැතැයි ද පවසන ඒ හිමියෝ එම නිසා ශ්‍රී ලංකාවේ දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දී අත්හදා බැලීමක් සිදු නොකරන ලෙසත් පාසල් විවෘත කරන්නේ නම් ඒ සඳහා දේශීයව නිෂ්පාදනය කරන ලද ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව ද පැවසීය.
 

More News..