brand logo

කොරෝනා එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම් පතක්

11 May 2021

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ සෞඛ්‍ය අමාත්‍යංශය කරනලද සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් හොඳින් සිදුකිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. එක් එක් පුද්ගලයන්ට රජය කොවිඩ් එන්නත නිකුත් කළ දිනය, ස්ථානය, වේලාව සහ එන්නත් වර්ගය මෙන්ම ඊට අදාළ තොරතුරු සහ දෙවැනි මාත්‍රාව ලබාගත යුතු දිනය, ස්ථානය, වේලාව ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු ඊට ඇතුළත් කිරීමට නියමිතය. ඒ අනුව මෙම හැඳුනුම්පත හරහා එන්නත් කරණයට අදාළ තොරතුරු පහසුවෙන් දැනගත හැකය.
 

More News..