brand logo

කොරෝනා එන්නතක් කිසිදා සොයා නොගනීවි!

05 August 2020

කොරෝනා වයිරසයට එරෙහි එන්නතක් ගැන මේ වනවිට සියලු දෙනා බලාපොරොත්තු තබා ගෙන සිටියත් සාර්ථක එන්නතක් කිසිදා නොලැබීමට වුවද ඉඩ ඇති බවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි තෙද්‍රොස් ගෙබ්‍රෙයේසස් පවසා ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ ජිනීවා නුවර පිහිටි එම සංවිධානයේ මූලස්ථානයේ සිට මාධ්‍ය අමතමිනි. ‘එන්නත් ගණනාවක් සම්බන්ධ අත්හදා බැලීම් ඒවායේ අවසන් අදියරයන් වෙත ළඟා වී තිබෙනවා. මිනිසුන් වයිරසයෙන් බේරා ගත හැකි සාර්ථක එන්නත් කිහිපයක් නිපදවෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටිනවා. කෙසේ නමුත් තවමත් සියයට සියයක් සාර්ථක මැජික් එන්නතක් ගැන දැනගන්නට නැහැ. සමහර විට කිසි දිනෙක එවැන්නක් නොලැබෙන්නටත් ඉඩ තිබෙනවා. එවැන්නක් ලැබුණත් ඇතැම් විට මාස කිහිපයකට වඩා එයින් ආරක්‍ෂාවක් නොලැබෙන්න පිළිවන්. අත්හදාබැලීම් අවසන් වනතුරු ඒ ගැන කිසිවක් පැවසීමට අපට හැකියාවක් නැහැ’ යනුවෙන්ද ඔහු තවදුරටත් පවසා තිබේ. මෙම තත්ත්වය තුළ ගෙබ්‍රෙයේසස් ලෝකයේ සෞඛ්‍ය බලධාරීන්ට, දේශපාලන නායකයන්ට මෙන්ම ජනතාවටද විශේෂයෙන් අවධාරණය කරන්නේ සෞඛ්‍යාරක්‍ෂක පුරුදු දිගින් දිගටම පවත්වා ගැනීමේ වැදගත්කමයි. මුහුණු ආවරණ, පැලඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, අත් සේදීම, පරීක්‍ෂාවන් වැඩි වැඩියෙන් සිදු කිරීම වැනි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ඔහු දැඩි ලෙස අවධාරණය කරයි. ගෙබ්‍රෙයේසස් පවසා තිබූ තවත් කාරණයක් වූයේ මුහුණු ආවරණ කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කරන ලෝක ජනතාවගේ සහයෝගිතාව පිළිබඳ සංකේතයක් විය යුතු බවයි.   සහන් වික්‍රමගේ නයන තරංග ගමගේ
 

More News..