brand logo

කොරෝනා උපදේශක ඉල්ලා අස්වෙයි

02 December 2020

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොවිඩ් - 19 වසංගතය පිළිබඳ විශේෂ උපදේශක ස්කොට් ඇට්ලස් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇමරිකානු ජනතාව වෙනුවෙන් මේ දක්වා සේවය කිරීම තමාට ‘ගෞරවයක්’ බවත් ඊට අවස්ථාව සලසා දීම වෙනුවෙන් ජනපති ට්‍රම්ප්ට ස්තුතිය පුදකරන බවත් ඇට්ලස් ප්‍රකාශ කර ඇත. ‘‘සෑමවිටම කිසිදු දේශපාලන සැලකිල්ලක් හෝ බලපෑමක් නොමැතිව නවතම විද්‍යා හා තාක්ෂණ තොරතුරු මත පදනම්ව’’ තමාට කටයුතු කිරීමට හැකියාව ලැබුණු බවද හිටපු උපදේශකවරයා පවසා තිබේ. කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඇමරිකානුවන් අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පැලඳීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කළයුතු බව ඇට්ලස් පසුගිය මාස 4 දී දැඩි සේ අවධාරණය කළේය. විකිරණවේදියකු සහ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ‘හූවර් ආයතනයේ’ ජ්‍යෙෂ්ඨ පර්‌යේෂකයකුද වන ඇට්ලස් පසුගිය අගෝස්තු මාසයේදී කොවිඩ් - 19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බළකායට සම්බන්ධ විය. වසංගතය මර්දනය කිරීමේදී සමස්ත රට අගුලු දැමීමට ඔහු විරෝධය පළකළ නමුත් අවදානම් සහගත ජන කණ්ඩායම් හුදෙකලා කිරීමේ ක්‍රියාවලිය තරයේ ඇදහූවෙක් විය. කෙසේ වෙතත් පසුගිය මාසයේදී ඇමරිකාව වසංගත රෝග වැළැක්වීමේ අංශ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුස් සහ වසංගත රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සෞඛ්‍ය විශේෂඥයන් ව්‍යාජ තොරතුරු සමාජගත කරන බවට ඇට්ලස්ට දිගින් දිගටම චෝදනා එල්ල කර තිබිණි. නයන තරංග ගමගේ
 

More News..