brand logo

කොරෝනා ආසාදිත තවත් 20 ක් සුවය ලබයි

31 May 2020

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 801ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් ගණන 62ක්. ඒ අතරින් 26 දෙනෙකුම කටාර්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කර සිටින අයයි. සෙසු පිරිස අතරින් 25 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර 8 දෙනෙකු කුවේට්හි සිටත්, තිදෙනෙකු මාලදිවයිනේ සිටත් මෙරටට පැමිණි අයයි.
 

More News..