brand logo

කොරෝනා ආසාදිත කත පොලීසිය සොයයි

20 November 2020

කොවිඩ්-19 වෛරස ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පළාගිය කාන්තාවක් සොයා ගැනීම සදහා පොලීසිය විසින් මහජන සහයෝගය පතයි. පොලීසිය පැවසුවේ එම කාන්තාව ඊයේ රාත්‍රී 9.10ට පමණ වයස අවුරුදු 2ක් පමණ වන තම දරුවා සමග රෝහලෙන් පලාගොස් ඇති බවයි. ඉන් අනතුරුව ඇය තම දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ පිහිටි තම ඥාති නිවසකට ගොස් දරුවා ඔවුන්ට භාරදී ඇත. අද උදෑසන වන විට එම දරුවා සොයාගත් පොලීසිය නැවත රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ. රෝහලේ පලාගිය එම කාන්තාව හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බවද පොලීසිය සදහන් කරයි. පොලීසිය ඇය සොයා ගැනීම සදහා මේ වන විට කටයුතු කරමින් සිටියි.
 

More News..