brand logo

කොරෝනා ආසාදිතයින් 769ක් සුවය ලබයි

21 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 769දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 47984 දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55189කි. ඉන් ආසාදිතයින් 6931දෙනෙකු තවදුරටත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 274කි.
 

More News..