brand logo

කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමට PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශයට

01 April 2020

කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සදහා PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම අද (1) සිදුකෙරිණි. රුපියල් මිලියන 23 ක වටිනාකමකින් යුත් මෙම PCR පරීක්ෂණ යන්ත්‍ර දෙක විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාරදෙනු ලැබීය. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් මෙම නව උපකරණ ලබාදී තිබේ. නව PCR පරීක්ෂණ යන්ත්‍ර දෙක පරීක්ෂණ සේවා අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන අදාල රෝහල් වෙත ලබාදිමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර ඇත. මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේකොරෝනා ආසාදිත රෝගීන් හදුනාගැනීමේ කටයුතු කඩිනම් කිරිම මෙම පරිත්‍යාගයේ අරමුණ බවයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොරෝනා වයිරසයට ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අදිටනින් අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒ්ජන්සිය කළ මෙම පරිත්‍යාගයට සිය ස්තූතිය පුද කරන බවයි.
 

More News..