brand logo

කොරෝනා ආසාදිතයින් හදුනාගන්න රුධිර පරීක්ෂාවන්ද ආරම්භ කරන්න

30 March 2020

කොරෝනා වෛරසය ආසාදනය වූවන් සොයා බැලීම සඳහා දැනට කරන සෙමපටල පරීක්ෂාවට අමතරව රුධිර පරීක්ෂාවන්ද වහාම ආරම්භ කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ අවදානමක් පවතින කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ගේ රුධිර පරීක්ෂාවක් කර ආසාදිතයින් හඳුනා ගැනීමෙන් සැලකිය යුතු රෝගීන් පිරිසක් සමාජය පුරා පැතිර යාමට කලින් ඉක්මනින් හඳුනා ගත හැකි වෙතැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි. මෙම රුධිර පරීක්ෂාව දැනට කරනු ලබන සෙම පටල පරීක්ෂාවට (PCR)අමතරව සිදු කළ යුතු බවද හෙතෙම පෙන්වාදේ. වෛද්‍ය අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ රටේ ජනගහනයෙන් ලක්ෂ දහයකට මේ වන විට සෙම පටල පරීක්ෂාව කර ඇත්තේ 100 ක් පමණක් බවත් මෙය වසංගත රෝගයක් පැතිර යන අවස්ථාවක එය මර්දනය කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවත්ය. දකුණු කොරියාව තුළ රෝගය පාලනය කර ගත හැකි වුයේ රටේ ජනගහනයෙන් ලක්ෂ 10ට සෙමපටල පරික්ෂාවන් 5500ක් සිදු කිරීම් යැයිද හෙතෙම පෙන්වාදේ. කොරෝනා රෝග ලක්ෂණ බවට සැක කරන පුද්ගලයින්ගේ රුධිර පරීක්ෂාවන් කිරීම සම්බන්ධයෙන් හෙට (01) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වනු ඇත.   ශ්‍රියානි විජේසිංහ
 

More News..