brand logo

කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ මෙන්න

13 June 2021

    කොව්ඩ් -19 ආසාදිතයින් 2,340 දෙනෙකු ඊයේ (12) දිනය තුළ හඳුනාගෙන තිබෙන අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 561ක් හඳුනා ගෙන ඇත. මේ අතර බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්ක දෙක වන කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 528ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් ආසාදිතයින් 313 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඒ අනුව බස්නාහිර පළාතෙන් කොවිඩ් -19 දෙවන රැල්ල ආරම්භයෙන් පසු වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 117,955ක් වෙයි. මීට අමතරව ඊයේ (12) දිනයේ දී මෙරට දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් වාර්තා වී ඇත. යාපනය දිස්ත්‍රික්කයෙන් 111 දෙනෙක්, කෑගල්ල 105ක්, කුරුණෑගල 98ක්, මහනුවර 97ක්, ගාල්ල 76ක්, මඩකලපුව 73ක්, රත්නපුරය 64ක්, කිලිනොච්චිය 58ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් 50 වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබේ. පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, නුවරඑළිය,හම්බන්තොට, බදුල්ල, මුලතිව්, ත්‍රිකුණාමලය, මාතලේ, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් වාර්තා වී ඇත. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 221,277 වන අතර ඒ අතරින් 186,516 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ . ආසාදිතයින් 32,688 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. කොවිඩ් ආසාදිත මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (13) දිනයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,136 දක්වා ඉහළගොස් ඇත.
 

More News..