brand logo

කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ

30 May 2021

කොවිඩ්-19 ආසාදිත රෝගීන් 2,882 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් වාර්තා වී තිබෙන අතර වැඩිම ආසාදිත පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ආසාදිතයින් 514 දෙනෙකු ඊයේ (29) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇත. මේ අතර බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්ක දෙක වන කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 442ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 241 දෙනෙකු හඳුනා ගෙන තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 205 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇත. තවද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 195ක් , කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 162ක් , ගාල්ල දිස්ත්‍රික්කයෙන් 145 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 119ක් සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 100ක් ලෙස ආසාදිතයන් හඳුනා ගෙන තිබේ. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම ඊයේ (29) දිනයේ ආසාදිතයින් වාර්තා වී ඇති බවයි.
 

More News..