brand logo

කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම මියයාමට හේතුව මෙන්න

11 November 2020

කොවිඩ්-19 ආසාදනය වූ සංකූලතා සහිත පුද්ගලයෙකුගේ ආයුකාලය වසර 10කින් අඩු විය හැකි යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. වෛද්‍යවරයා සදහන් කළේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදය වස්තුවේ අමාරු සහිත පුද්ගලයෙකුගේ ආයු කාලය එලෙස අඩු විය හැකි බවයි. ඒ අනුව වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයෙකුගේ කොවිඩ් ආසාදනයවීමෙන් මියයාමේ ප්‍රවණතාවය ඉතාමත් වැඩි බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කළේය. මේ අතර කොවිඩ් ආසාදතයින් නිවෙස් තුළ මියයාමට එක් හේතුවක් පිළිබදව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කර තිබේ. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ නොසැළකිලිමත්කම එම මරණ වලට හේතුව බවයි.
 

More News..