brand logo

කොරෝනා ආසාදනය වු දෙදෙනා ඇසුරු කළ 65 ක් හදුනාගැනේ

13 March 2020

නව කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රථිකාර ලබන පුද්ගලයින් දෙදෙනා සමීපව ඇසුරු කළ තවත් පුද්ගලයින් 65 දෙනෙකු හදුනාගෙන ඇති බව වසන්ගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. අප කළ විමසීමකදී වෛද්‍යවරයා පැවසුවේ පළමු කොරෝනා වෛරසය ආසාදනවු පුද්ගලයාගේ පුත්‍රයාද අයි ඩී එච් රෝහලට ඇතුලත් කර ඇති බවයි. ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයන් පිළිබද නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා අරුණ සමග පැවසීය.
 

More News..