brand logo

කොරෝනා ආසාදනය වුන පවුල්වල දරුවන්ට විභාගේ වෙනම

07 October 2020

දැනට නිරෝධායනය වෙමින් සිටින පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සදහා පෙනී සිටීමට විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් සනත් පූජිත් මහතා පවසයි. අද (07) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  කොමසාරිස්වරයා මේ බව පැවසීය. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායනය වෙමින් සිටින පවුලක ශිෂ්‍යත්ව විභාගය හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට දරුවන්ට විශේෂ මධ්‍යෂ්ථානයක් තුළ තමන්ගේ විභාග සදහා පෙනී සිටිය හැකිය. මෙම ක්‍රියාවලියත් සමග කොවිඩ් ආසාදනය වී නොමැති පවුල්වල දෙමාපියන්ට මෙන්ම දරුවන්ට කිසිදු බියක් සැකයකින් තොරව තමන්ගේ විභාග සදහා ද පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස් සනත් පූජිත් මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..