brand logo

කොරෝනා ආරක්‍ෂිත ඇඳුම් වල මුදල් ඉල්ලා උද්ඝෝෂණයේ

08 February 2021

  රුපියල් ලක්ෂ 58ක් පමණ වටිනා කොරෝනා ආරක්‍ෂිත ඇඳුම් කට්ටල තොගයක් ලබාගෙන මුදල් ලබානොදීමක් සම්බන්ධයෙන් මෝටර් රථයක් මත උද්ඝෝෂණයක් සිදුකර තිබේ. එම විරෝධතාව පානදුර ගාලු පාරේ පෞද්ගලික ආයතනයක් ඉදිරිපිට මෝටර් රථයක් මතට නැඟී අද (08) සිදුකරන බව පොලිසිය සඳහන් කරනවා. මීට මාස තුනකට පමණ ඉහත දී ලක්ෂ 58 පමණ වටිනා කොරෝනා ආරක්ෂක ඇඳුම් කට්ටල මසා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 ක් පමණක් ලබා දුන් බවත් ඉතිරි මුදල් ලබා දෙන ලෙස ඉල්ලා එම පුද්ගලයා මෙලෙස විරෝධතාවක යෙදෙන බවත් පැවසෙනවා.
 

More News..