brand logo

කොරෝනා ආක්‍රමණයට එරෙහිව එක්වෙමු - මෛත්‍රි

22 March 2020

ලෝක වසන්ගතයක්ව පවතින කොරෝනා වෛරසයෙන් ජනතාව මුදා ගැනිමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ. ලොව පුරා පැතිර අපේ රටද ආක්‍රමණය කර ඇති භයානක කොරෝනා වෛරස වසංගත රෝග තත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා අප සියල්ල එක්ව කටයුතු කළ යුතුය. රෝග මර්දනය සඳහා රජයේ වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය දීම. සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රමුඛ බටහිර වෛද්‍ය විශේෂඥයින් මෙන්ම දේශීය වෛද්‍ය ආයුර්වේද විශේෂඥයින්ගේ උපදෙස් නිසි ලෙස පිළිපැදීම. ත්‍රිවිධ හමුදාව, පොලිසිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් මෙම වැඩ පිළිවෙලට ගනු ලබන ක්‍රියාමාර්ගවලට සහාය දීම.
විශේෂයෙන් රටේ ජනතාව විනයගරුකව, හික්මීමත් රජයේ උපදෙස් අනුව කටයුතු කිරීම යන කරුනු ඉතා වැදගත්ය. රෝග ව්‍යාප්තිය වලක්වා ගත හැක්කේ ජනතාවගේ හැසිරීමෙනි. තාමත් මෙහි භයානත තත්වය ජනතාව අතරේ ඇතැම් පිරිස් තේරුම් නොගෙන කටයුතු කරන බව පෙනී යයි. අප සියල්ල පෞද්ගලිකව තමන්ගේ වගකීම ඉටුකලහොත් මෙම ව්‍යයසනය ජයගත හැකිය. මෛත්‍රීපාල සිරිසේන හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා හිටපු ජනාධිපති
 

More News..