brand logo

කොරෝනා අස්සේ පුරන් කුඹුරු අස්වද්දයි

09 November 2020

කොරෝනා තත්වය කුමන අවධානමක පැවතියත් ගොවිජනතාව බලමුලුගන්වා රටේ ආහාර ගැටඵව විසදිම සදහා පුරන් කඹුරු අස්වැද්දිමට රජය තිරණය කර ඇති බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති වසන්තයාපා බණ්ඩාර මහතා පවසයි. වසන්තයාපා බණ්ඩාර මහතා මෙසේ පැවසුයේ අද (08) උඩුනුවර හෑපාන පුරාණ විහාරස්ථානයේ මූලිකත්වයෙන් විහාරයට අයත් පුරන් කඹුරු අස්වැද්දිම සදහා වසන්තයාපා මහතා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ පැනයන්ට පිළිතුරු දෙමිණි. එහිදි වසන්තයාපා බණ්ඩාර මහතා මෙසේද පැවැසිය. ජනාධිපති තුමා අගමැති තුමා හා බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් පුරන් කුඹුරු අස්වැරද්දිම සදහා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන්ට පවරා ඇති බවත් එම නිසා කෘෂිකර්ම අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පුරන් කුඹුරු අස්වැද්දීම සදහා දිවයිනේ සැම ප්‍රදේශයකම පියවර රැගෙන ඇති බව වසන්ත යාපා මහතා එහිදි කීය. විශේෂයෙන්ම ලෝක අර්බුදයක් වන කොරෝනා අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සෞඛය අංශ ඒ සදහා කැපවි අවස්ථාවේ රජයක් හැටියට ගොවියන් වැඩමුලු ගන්වා ඔවුන් සමග එකතුව රටේ සෞභාග්‍ය කරා පුරන් කුඹුරු අස්වැද්දිම සඳහා රජය කැපවි සිටින බවද වසන්ත යාපා මහතා පැවැසිය. රජය විසින් ජනතාවට සහනයක් ලබා දිම සඳහා සහල් මිලට පාලන මිලක් පනවා තිබියදිත් යම් වෙළදසැල් හිමියෙක් එම මිලට වැඩිපුරව සහල් අලවි කරනවා නම් දැඩි ලෙස නිතිය ක්‍රියාත්මක කරණු ලබන බවද වසන්ත යාපා මහතා පැවසූ අතර වැඩිමිලට සහල් අලවි කරණ වෙළඳසැල් සොයා ගැනිම සදහා නිලධාරීන් පිරිසක් පත් කර ඇති බවද වසන්තයාපා මහතා එහිදි අවධාරණය කළේය. මේ වන විට මධ්‍යම පළාතේ කොවිඩ් අවධානමක් පැවතුනද එයට මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම සෞඛය අංශ හා ආරක්ෂක අංශ නොබියව ජනතාවගේ ආරක්ෂාව පතා මුහුණ දිමට වැඩ පිළිවෙලක් සකසා ඇති අතර ඒ සදහා දායක වන සියලු නිලධාරින්ට තමන්ගේ ස්තුතිය පල කරණු ලබන බවද ඔහු පැවැසිය. මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයින් 55 ක ට ආසන්න ප්‍රමාණයක් වාර්තා වි ඇති බවත් රුපියල් 5000 ට වඩා වියලි ආහාර සහ පළතුරු වැනි නිවසකට අවශ්‍ය සියලුම ආහාර පාන ඇතුලත් භාන්ඩ පාර්සලයක් මහනුවර දිස්ත්‍රික්කයේ නිරෝධායනය වන පවුල් 920 ට ප්රිමාණයකට ලබා දි ඇති බවත් මේ වන විට දෙවන අධියර ක්‍රියාත්මක කිරිම රජය විසින් අරඹා ඇති බවද මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති වසන්තයාපා බණ්ඩාර මහතා පැවසිය. https://youtu.be/V2tbntK5uJw
 

More News..