brand logo

කොරෝනා අවදානම් කලාප හැර අනෙක් ප්‍රදේශවල ඇඳිරි නීතිය ලබන 16 තෙක් දීර්ඝ කෙරේ

11 April 2020

ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නව නිවේදනයක් නිකුත් කර තිඛේ. ඒ අනුව කොරෝනා අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල ඇදිරි නීතිය ලබන 16 වනදා උදාසන 6 දක්වා දීර්ඝ කර ඇත. මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශ දන්වා තිබුණේ අදාල ප්‍රදේශවල ඇඳිරි නීතිය ලබන 14 වනදා උදාසන 6 ට ඉවත් කරන බවයි. මේ අතර කොරෝනා වෛරසයේ අවදානම් කලාප වන බස්නාහිර පළාත සහ පුත්තලම / මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය යලි දැනුම් දෙන තුරු බලාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. Image may contain: text
 

More News..