brand logo

කොරෝනා අල්ලන අට කෝටියක මැෂිමක් එයි

30 January 2020

කොරෝනා වෛරසය ක්ෂණිකව හඳුනාගත හැකි අධි තාක්ෂණික යන්ත්‍රයක් රුපියල් අටකෝටි විසි ලක්ෂයක් පමණ වැය කරමින් සිංගප්පූරුවෙන් ආනයනය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය තීරණය කර ඇත. ඉදිරි දින හතර ඇතුළත ගුවන් මගින් මෙම යන්ත්‍රය ගෙනෙන බවත් වැය වන මුදල ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟ වූ බව උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ ‘අරුණ’ට ඊයේ (29 වැනිදා) පැවැසීය. වෛද්‍ය පීඨයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ පරීක්ෂණ කටයුතු සඳහා මෙම යන්ත්‍රය යොදා ගැනෙන බවත් උපකුලපතිවරයා සඳහන් කළේය. නිලන්ත මදුරාවල
 

More News..