brand logo

කොරෝනා අමතක කරමින් පැවති ඉස්ලාමීය පූජකයෙකුගේ අවමගුල

11 May 2021

කොවිඩ් හේතුවෙන් වසාදමා ඇති ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉස්ලාමීය පූජකයෙකුගේ අවමංගල්‍යයක් සඳහා දහස් ගණනක ජනතාවක් රැස්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. කාසි හස්රත් අබ්දුල් හමීඩ් මොහොමඩ් සලිමුල් කද්රි පසුගිය ඉරිදා දහවල් බඩාන් දිස්ත්‍රික්කයේදී මිය ගිය අතර ඔහුගේ මරණය පිළිබඳ පුවත පැතිරෙත්ම ජනතාව මෙසේ එක්රැස් වීමට පටන් ගෙන ඇත. ඇඳිරි නීතිය, පොලිස් බාධක හා මුරපොලවල් තිබියදීත් මිනිසුන් මෙම අවමංගල්‍යයට සහභාගී වී ඇති බවත් සඳහන් වෙයි. ඒ අනුව මෙම අවස්ථාවේදී බලධාරීන්ද වගකීම් පැහැර හරමින් කටයුතු කර ඇති බවට මාධ්‍ය චෝදනා එල්ල කරයි. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ලොක්ඩවුන් කර තිබියදීත් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර අවමංගල්‍යයට සිය දහස් ගණනක් පැමිණ තිබුණද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොතිබීමද පුදුමසහගතය. කොරෝනා අමතක කරමින් පැවති ඉස්ලාමීය පූජකයෙකුගේ අවමගුල
 

More News..