brand logo

කොරෝනාවෙන් වැළකෙන්න ආයුර්වේද උපදෙස් මාලාවක්

18 May 2021

කොරෝනා වසංගත මර්දනය සඳහා ආයුර්වේද ශාස්ත්‍රානුකූලව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කරනු ලැබ ඇත. වෛද්‍ය අයි. ඩී. කේ. ඩී. දිසානායක සහ වෛද්‍ය එච්. බී. කේ. අජිත් කුමාර විසින් සම්පාදනය කරන ලද මෙම මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කර ඇත්තේ දේශීය වෙදකම් රාජ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධවය.

එම මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව කර ඇති නිර්දේශ පහතින්.

ආහාර ගැනීමේ දී..... - දිරවීමට වැඩි කාලයක් ගන්නා ආහාර (බර ආහාර) රාත්‍රි කාලයේ දී නොගැනීම (කඩල, කව්පි, මුං වැනි ධාන්‍ය වර්ග, මීකිරි, කිරිබත් ආදී) - අධික උෂ්ණ සහිත ආහාර නොගැනීම (ඉස්සන් දැල්ලන් කකුළුවන් බල මාළු වැනි) - අධික ශීත ගුණැති ආහාර නොගැනීම (බණ්ඩක්කා, වම්බටු, මෑ වැනි ආහාර සහ ශීත කළ ආහාර හා පාන වර්ග) - කෘත්‍රිම රසකාරක යෙදූ සහ ක්ෂණික ආහාර නොගැනීම. - රතුළුෑණු, සුදුළුෑණු, යොදා සකසන ලද එළබටු, තිබ්බටු, කොස්, පොළොස්, කෙසෙල්මුහ, කොහිල අල වැනි එළවළු ගැනීම - තෙල් මඳ වශයෙන් යෙදූ සමබල ආහාරවේලක් ගැනීම - දෛනික ආහාර වේලට ස්වභාවිකව වැවෙන පලා වර්ගයක් එකතු කර ගැනීම - හැකි හැම විටම මද උණුසුම් ආහාර ගැනීම පාන වර්ග..... - දේශීය සහල් හෝ ධාන්‍ය වර්ගයකින් සැකසූ කැඳ වර්ගයක් හෝ කොළ කැඳ හෝ දියර කිරි පානය කිරිම (කොළ කැඳ සඳහා යකිනාරං කොළ, මොනරකුඩුම්බිය, එළබටු කොළ, වැල් තිබ්බටු කොළ, ගොටු කොළ, හීන්බෝවිටියා, මුන්සැන්ද, පොල්පලා, කරපිංචා යොදා ගත හැකි ය.) - දිනපතා ඔසු පැන් පානය කිරිම (වෙනිවැල්ගැට, කොත්තමල්ලි, සූදුරු, අසමෝදගම්, රණවරා මල්, බෙලි මල්, බෙලි කොළ, නෙල්ලි, නීරමුල්ලිය, පොල්පලා, මදුරුතලා කොළ, කටුවැල්බටු ආදිය.) (සැලකිය යුතුයි - එකම වර්ගය දිනපතා එක දිගට ම හෝ වැඩි මාත්‍රාවෙන් ගැනීම ශරීරයට අහිතකර විය හැකියි) - දියබත, පොල් වතුර, කායම් හොද්ද, කිරි හොද්ද, ලුණු කැඳ, ආහාර අතරට එක් කර ගැනීම ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා..... - සැමවිටම උතුරවා නිවා ගත් ජලය මඳ උණූසුමෙන් පානය කිරීම - දිනපතා ඔසු පැන් කෝප්පයක් පානය කිරීම. - ව්‍යායාම ධාරිතාව නොඉක්මවන පරිදි දිනපතා ව්‍යායාම කිරීම. (මුහුණට අත්පාවලට කිහිලි ප්‍රදේශවලට හොදින් දහදිය දමා මුඛය වියළී යන අවස්ථාව ව්‍යායාම ධාරිතාවය) - මත්ද්‍රව්‍ය, මත් වතුර, දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන භාවිතයෙන් වැළකීම - සුදුසුකම් ලත් ආයුර්වේද හෝ පාරම්පරික වෛද්‍ය උපදෙස් අනුව රත කල්කය දරුවන්ට ලබා දීම. අත්බෙහෙත් භාවිතයෙන් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම..... - තලතෙල් හෝ ලුණු තේ හැඳි කාලක් මිශ්‍ර කර මඳ උණුසුම් ජලයෙන් දිනකට දෙවරක් මුඛය සේදීම - නිවසේ විෂබීජහරණයට කොහොඹ තෙල් යෙදූ පහනක් දැල්වීම - මඳක් පවනේ වියළා ගත් කොහොඹ කොළ, පැඟිරි කොළ වර්ග, මදුරුතලා, කුරු කොළ, වදකහ, වරා කොළ ආදි පහසුවෙන් සපයා ගත හැකි ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් කුඩු කර නිවස තුළ හා පිටත දුම් ඇල්ලීම - මැටි මුට්ටියකට දෙහි කොළ, කොහොඹ කොළ, බෙලි කොළ,නික කොළ දමා තම්බා ඉන් නැගෙන දුම් නාසයෙන් උරා මුඛයෙන් පිට කිරීම. (උදේ සවස වරකට විනාඩියක් පමණ ප්‍රමාණවත්) -ප්‍රධාන ආහාර වේලට පෙර ලුණු කැඳ හෝ තැම්බුම් හොදි කෝප්පයක් පානය කිරීම.
 

More News..