brand logo

කොරෝනාවෙන් බැටකන තෙළිගු ජීවිත

27 July 2020

රටතුල පැවති කොරෝනා වසංගතයත් සමග මෙරට ජන ජීවිත රැසක් බිදවැටුන අතරම මෙරට ජීවත් වන ජන කොට්ඨාශයක් වන තෙළිගු ජනතාවට ද මෙයින් විශාල බලපෑමක් එල්ලව අන්ත අසරණ තත්වයකට පත්ව ඇති බව ඔවුන් පවසති. පාරම්පරික උරුමයත් සමග තම ජීවිතය ඉදිරියට ගෙන යන තෙළිගු ජනතාව අතීතයේ සිටම සෑම ජන කොටසක් සමගම ඉතා සමීපව කටයුතු කළ පිරිසකි. විවිධ බලපෑම් හා සමාජ විපර්යාස හරහා මෙම ජන කොටස්වල පැවැත්මට බලපෑම් එල්ල වීමත් සමග මෙම ජනතාවගේ පාරම්පරික රැකියාවන්වලටද විවිධ තර්ජන එල්ල වී තිඛෙනවා. ඔවුන් තැන තැන ගොස් කූඩාරම් අටවාගනිමින් ගතකළ ජීවිත මේ වන විට එක් ගම්මානයකට කොටුවී ජිවත් වීමට සිදුවීමත් ඔවුන් පාරම්පරිකව කරගෙන පැමිණි රැකියාවන් වන සතුන් නැටවීම / සාස්තර කිම් වැනි රැකියා ඔවුන්ගෙන් ගිලිහෙමින් පවතින අයුරු දැකගතහැකිවනවා. අනුරාධපුර දිස්ත්‍රීක්කයේ මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සියඹලාගස්වැව ගම්මානයේ ජීවත් වන ගෙළිග-= ජනතාවට ද මෙම ගැටලු ඛෙහෙවින් බලපා ඇති බව ඔවුන් පවසනවා. පසුගිය මාස කිහිපයේ ලොව පුරා ඇතිවු කෝවිඩ් 19 වසංගත තත්වයත් සමග මෙම ජනතාව අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවයි මෙම තෙළිගු ජනතාව පවසන්නේ. ඔවුන්ට තම ජිවිත පවත්වාගෙනයාමට සිදුකරන රැකියා සඳහා නිවෙස් වෙත යාම තහනම් වීම / ජනතාව රැස්වන ස්ථානවල ගැවසීම තමනම්වීම වැනි ක්‍රියාවන් හේතුවෙන් ඔවුන් දැඩි ලෙස ආර්ථික අපහසුතා සහ ආහාර පාන හිගතාවයෙන් පීඩා විදින බව එම ජනතාව පවසති. රටේ අනෙකුත් ජනතාවට ආධාර උපකාර ලැඛෙන විට මෙම ජනතාව කෙරෙහි කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නොවුණ බවයි එම ජනතාව පවසන්නේ. මෙම ජනතාව තමන් පත්ව ඇති අසරණ බාවය පිළිබද පවසා සිටියේ මෙසේය. කාලි අම්මා - අපි මෙච්චර කාලයක් මේ ගමේ අපේ පුරුදු රැකියාව කරලා තමයි ජීවත් වුනේ. ලමයි ගෙවල්වල දාලා අපි ගමේ ගොඩේ ගිහින් සාස්තරයක් කියලා ඒ ඇත්තො දෙන දෙයක් එකතුකරගෙන ඇවිත් තමයි මේ ලමයිට කන්න බොන්න දුන්නේ. දැන් අපි ගැන කිසිම කෙනෙක් හොයලා බලන්න නැහැ. අපිව පාරක තොටක දැක්කත් හරිම පහත් විදිහට තමයි සලකන්නේ. ඒත් අපි ඒ හැම දෙයක්ම ඉවසගෙන තමයි ගෙවල් ගානේ ගිහින් ජිවත් වුනේ. මේ ලෙඩේ ආවට පස්සේ අපිට ගෙවල්වලින් එළියට බහින්න විදිහකුත් නැහැ. අපි දවස් ගානක් බඩගින්නේ ඉදලා ළමයින්ට මොනවාහරි තම්බලා දීලා ජිවත් වුණේ. මෙලෙස අන්ත අසරණ තත්වයට පත්ව සිටින අපේ රටේ ජීවත් වන මෙම ජන කොට්ඨාශය පිළිබද බලධාරීන්ගේ මෙන්ම අනෙකුත් ජනතාවගේ ද අවධානය යොමු කර මෙම ජනතාවගේ ක-=සගිනි නිවා ගැනිමට ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට විධිමත් වැඩපිලිවෙලක් සකස් කර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. සිඩ්නි නුවන්
 

More News..