brand logo

කොරෝනාවෙන් පමා වූ චෙන්නායි පුහුණුව හෙට සිට

03 September 2020

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හෙට (4වැනිදා) සිට යළිත් සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී කාසි විශ්වනාදන් පවසා තිබේ. චෙන්නායි කණ්ඩායමට ඇතුළත්ව සිටි ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙක් ඇතුළු 13 දෙනකුට කොරෝනා වයිරසය වැළැදීම හේතුවෙන් ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු තාවකාලිකව නවතන ලදී. නමුත් අනතුරුව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයන් මගින් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් සහ නිලධාරීන්ට වයිරසය අසාදනය වී නොමැති බව තහවුරුවීමත් සමග මෙසේ චෙන්නායි කණ්ඩායමට නැවත පුහුණුවීම් කටයුතු කිරීමේ අවස්ථාව උදා වූ බවට විදෙස් මාධ්‍ය වාර්තාකර සිටී. වයිරසය අසාදනය වූ බවට හඳුනාගත් ක්‍රීඩකයන් දෙදෙනාට නියම වූ සෞඛ්‍ය නිර්දේශයන් නිසි පරිදි අවසන් කළ පසු ඔවුන්වද පුහුණුවීම් කටයුතු සඳහා එක්කර ගැනීමට අපේක්ෂා කරන බව විශ්වනාදන් මහතා වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ. වයිරස තත්ත්වය හමුවේ අදාළ තරගාවලියේ සමාරම්භක තරගය සඳහා චෙන්නායි කණ්ඩායමේ සහභාගිත්වය අවිනිශ්චිත බැව් පැවසුනත් අවශ්‍යනම් ආරම්භක තරගය සඳහා සහභාගි වීමේ අවස්ථාව තම කණ්ඩායමට ඇති බව ඔහු කියා තිබේ.
 

More News..